පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දී විභාග මධ්‍යස්ථාන කිහිපයක දී සිසුන්ට අසාධාරණයක් ව ඇති බව ඔප්පු වුවහොත් ඔවුන්ට නිසි සාධාරණය ඉටු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසයි. පසුගිය 22 දා පැවැති ශිෂ්‍යත්ව විභාගයේදී මධ්‍යස්ථාන කිහිපයක ඇති වූ බව පැවසෙන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් විශේෂ විමර්ශන කමිටුවක් සහ කලාප අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් කලාප මට්ටමින් සේම පලාත් අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් පලාත් මට්ටමින් තවත් කමිටු දෙකක් පත් කර ඇත.විභාග දෙපාර්තමේන්තුව මඟින් පත් කොට ඇති විශේෂ විමර්ශන කමිටුව මේ වන විටත් නම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.