2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට(18) පැවැත්වෙන අතර ඒ සදහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එම්. ඩී. ධර්මසේන මහතා පවසයි. මධ්‍යස්ථාන 2894 කදී විභාගය පැවැත්වෙයි. අයදුම්කරුවෝ තුන්ලක්ෂ 334698 දෙනෙක් මෙවර විභාගයට පෙනි සිටිති. මෙවර විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය මුලින් ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි. අපේක්ෂකයින්ට විභාගය සදහා අවශ්‍ය වන අමතර කඩදාසි විභාග ශාලාවෙන් සපයයි.
විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් පෙර පරිදි විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් නොකෙරේ. නමුත් අයදුම්කරුවන් තමන්ට නියමිත මධ්‍යස්ථානයට පැමිණ විභාගය ආරම්භවීමට පෙර පැමිණිමේ ලේඛණය අත්සන් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් අයදුම්කරුවන් දැනුවත් කර තිබේ. විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නැයි ඔහු අදාල බලධාරින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. විභාග අයදුම්කරුවන් පෙරවරු 8.45 වනවිට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුය. විභාග අංකය පැහැදිලිව පෙනෙන ලෙස ඇඳුමේහි පැළඳගෙන පැමිණීම අනිවාර්ය වෙයි.