පළමු පාසල් වාරයේ තුන්වන අදියර අදින් ඇරඹේ

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල පළමු පාසල් වාරයේ තුන්වන අදියර අද(12) ආරම්භ වෙයි.

පාසල් ආරම්භ වීමත් සමග මදුරු මර්දනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ය.

ශරිරයේ නිරාවරණය වන ස්ථාන වල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා දරුවන් පාසල් වෙත යොමු කරන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, පාසල් දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වනු ඇති බවයි.

වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,961 කි.

එම කාලය තුළ මරණ 25 ක් ද, වාර්තා වෙයි.

කාලීන පුවත්