දිවයිනේ ප්‍රදේශ කිහිපයක,විශේෂයෙන් ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් සහ හම්බන්තොට, අම්පාර මඩකලපුව සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී එම ප්‍රදේශයන් හී තාවකාලික තද සුළං ද ඇති විය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී තිබේ.