පළාත් පාලන ඡන්දේ ලබන වසරේ මුල

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ඊළඟ වසරේ (2025) ආරම්භයේදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15 ) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

ඊට මුදල් වෙන් කිරීමට සිදුවන්නේ රජය ඉදිරිපත් කරන අය වැයෙන් බවත්, ඒ සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගය අනුව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී පවත්වන බවත් ඔහු කීවේය.

කාලීන පුවත්