පළාත් පාලන මැතිවරණ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළ දීම

මැතිවරණ නීතියට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කොට තිබේ.ඡන්ද විමසීම අවසන් වූ පසුව ගණන් කිරීමේ නිලධාරීන් ඉදිරියේදී ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ගණන් කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා ගෙන යන අතර පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵල නිකුත් කිරීම එහිදී සිදු කෙරේ.මේ අතර කලින් චක්‍රලේඛ මගින් දැනුම් දුන් ආකාරයට සමහර රාජ්‍ය ආයතන, මැතිවරණ රාජකාරි සඳහා යොදාගන්නා නිලධාරීන් හා වාහන සංචිත පිළිබඳ වාර්තා මෙතෙක් ලබාදී නොමැති බව ද ඒවා ද කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස කොමිසම දැනුම් දෙයි.

කාලීන පුවත්