පළාත් රැසකට විටින් විට වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලීන පුවත්