මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මක භාවය පහළ ගොස් ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායූගෝලතත්ව ඒකකයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ඉන්දීය අර්ධද්වීපයේ සිට දිවයිනට හමා එන සුළං ප්රවාහයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බව ය.ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම සුළං ප්‍රවාහ දිවයින හරහා ගමන් කරන බව ද ඔහු පැවසීය.සාමාන්‍යයෙන් වායු ගෝලයේ වායු ගුණාත්මක දර්ශකය 50 අඩු විය යුතු වුවද මේ වන විට බොහෝ ප්‍රදේශ වල අගය මේ වනවිට 100 ඉක්මවා ඇති බවත් කොළඹ නගරයේ වායු ගුණාත්මක දර්ශකය 108ත්116 වශයෙන් හා යාපනය අර්ධ දීපයේ එම අගය 112ත්120 වශයෙන් සටහන් වන බව ද ඔහු පවසයි.මේ වන විට දිවයින පුරා දැනට පවතින වායු ගෝලයේ ගුණාත්මක භාවය බිඳ වැටීම ස්වසන අපහසුතා පවතින සංවේදී පුද්ගලයන්ට අහිතකර විය හැකි බැවින් වායු ගෝලයේ ගුණාත්මක භාවය අඩු ප්‍රදේශ වල ජනතාවට මුව ආවරණ පළඳින ලෙස දැනුම් දෙන සරත් ප්‍රේමසිරි මහතා වැඩි දුරටත් පවසා හිඳිනුයේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බවකි