දිස්ත්රික්ක 4ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට ( 20) පෙරවරු 8.00 දක්වා ක්රියාත්මක බවයි.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.