ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයට අද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසිත් සමග ප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැණුම් දී ඇත.

කාලීන පුවත්