මෙවර ජනාධිපතිවරණය සම්බන්ධ මෙතෙක් පැවැති තත්වයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක ප්‍රබල මැදිහත් වීමක් මේ වන විටත් සිදුවෙමින් ඇති බවද සඳහන් වෙයි. ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි අන්දමේ මෙම ප්‍රබල දේශපාලන පිල් මාරුව සමග ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වල දිශානතිය සැලකිය යුතු වෙනස්කමකට ලක්වීමට නියමිත බවත් බොහෝ දුරට එළැඹෙන පහළොස්වැනිදා හෝ ඊට ආසන්නතම දිනයක මෙම දේශපාලන පිල් මාරුව සිදුවුණු ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.