ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරුට අංගොඩින් ප්‍රතිකාර

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාර මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෙත යොමු කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය මහත්මිය නියෝග කොට තිබේ මෙම සැකකරු බන්ධනාගාරය මඟින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබූ අතර සැකකරු සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විසින් ඉදිරිපක් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.එය සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් මානසික ප්‍රතිකාර සඳහා සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කරන ලෙස නියෝග කළාය.
.

කාලීන පුවත්