ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන සමු ගනී

මාධ්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් කෙරෙහි මනා නිපුනත්වයකින් යුතු ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වි ඇත.ඒ මහතා 1965 සිට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ලේක්හවුස් ආයතනය ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළ අතර, ඔහු විජය පුවත් පත් සමාගමේ ලංකාදීප පුවත්පත පිහිටුවීමට ද දායකත්වයක් දැරූ අතර, පසුව කලක් ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කොට තිබේ.. ඔහුගේ කාලයේ ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සර්ව ඔන්ලයින් සංස්කරණ දියත් කරන ලද අතර ,පුවත්පත් කලා පුහුණු ආයතනයක් ද ආරම්භ කරන ලදී.පසුව ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා,කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයා ලෙස ද කටයුතු කොට තිබේ. ඒ මහතාගේ දේහය මහරගම පිහිටි නිවසේ 30 වන බ්‍රහස්පතින්දා සිට තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා ( 01 )වන සවස 04ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය,.

කාලීන පුවත්