ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් මිණුවන්ගැටේට කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඛ්8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයේ පොල් වත්තකට කඩාවැටී තිබේ.මෙය ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මීට පෙර ප්‍රකාශ වුවද එය කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත කළ එකක් බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහී ගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩා වැටෙන අවස්ථාවේ පැරිෂුට් ආධාරයෙන් ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇතත් ඔවුන් මේ වන විට කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කොට තිබේ.අද පෙ.ව 7.28ට කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ මෙම යානය මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පෙ.ව 7.55 ට පමණ ය.මෙම අනතුරට හේතුව සෙවීම පිණිස ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් සාමාජිකයන් හත් දෙනකු ගෙන් යුත් කමිටුවක් පත් කොට ඇත.

කාලීන පුවත්