‘ප්‍රාණ ඇප කරුවන් එකි`නෙකා මරා දමනවා’හමාස් සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට තර්ජන

ගුවන් හමුදාව තම පාලනය යටතේ පවතින ගාසා තීරයට තව දුරටත් බෝම්බ ප්‍රහාර එල්ල කළහොත්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් එකා බැගින් මරා දැමීමට කටයූතු කරන බව ඉස්ලාමීය හමාස් සටන්කාමීන් තර්ජනය කොට තිබේ.ඊශ්‍රායලය ද මේ වන විට ගාසා තීරයට සැපැයෙන සියලු ආහාර සහ ජලය නැවැත්වීමට ක්‍රියා කොට ඇත.මේ අතර ගාසා තීරයේ පලස්තීන වැසියන් ආහාර සහ ජලය නොමැතිව පීඩාවට පත් කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව එය යුද අපරාධයක් බවත් අරාබි රටවල් චෝදනා කොට ඇත.එමෙන්ම ගාසා තීරයේ හමාස් පාලනය මුලි`නුපුටා දමන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.මේ වන විට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 687 ක් ද හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් ගණන 800 ක් ද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්