මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් ආරම්භ වෙයි.එය අවසන් වන්නේ, 27 වැනිදා මධ්‍යහන 12 න් ය.
එම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට දී ඇති කාලය ලබන 26 වැනිදා මධ්‍යහන 12 න් අවසන් වෙයි.මේ අතර, පළාත් පාලන ඡන්දයට තරග කරන, වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදුන් සහ නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු අල්ලස් කොමිසමට යොමුකර තිබේ.
පළාත් පාලන ආයතන 336 ක් සඳහා වන ඡන්ද විමසීම මැයි 6 වැනිදා පැවැත්වෙයි.ඒ සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 107 කි.ස්වාධීන කණ්ඩායම් 49 ක් ද මෙවර ඡන්ද විමසීමට තරග වදියි.
උත්සව සමයේ ප්‍රචාරණ කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක් ද, ලබා දුන්නේ ය.