දිවයිනේ බොහෝ ප්රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක තුනක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ හාලිඇල සහ පස්සර ප්රාදේශිය ලේකම් කොට්ඨාස සහ ,කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල , අරණායක,මාවනැල්ල,රුවන්වැල්ල,වරකාපොළ,ගලිගමුව, යටියන්තොට යන බුලත්කොහුපිටිය යන ප්රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද , රත්නපුර දිස්ත්රික්කයේ නිතිවිගල , කහවත්ත,පැල්මඩුල්ල, අයගම, සහ කිරිඇල්ල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, කලවාන, රත්නපුර,කුරුවිට,ඇහැලියගොඩ, ඇලපාත, සහ ගොඩකවෙල යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද වැලිගෙපොළ කොලොන්න, බලංගොඩ ඉඹුල්පේ, සහ ඕපනායක යන ප්රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ හෙවත් රතු නිවේදනයද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.