ප්‍රේම කීර්ති බින්දුමතීට හඳුන්වා දුන් අබිමානා “ජරා යකෙක්” ද?

vinivida

තම පාර්ශවයට විවිධ අයථා බලපෑම් කරන පිරිමින්ට බොහෝ කාන්තාවෝ “ජරා යකෙක් කියා” කියති. එහෙත්, ජන වහරේ පවතින කතා ගැන විමසිලිමත් වෙද්දී යකුන් අතරේ ද එවැනි ජරා වැඩවලට නම් දැරූ ‘ජරා යකුන්’ සිටින බවක් පෙනේ. ඇතැමුන් යකෙකු සේ ද, තවත් පිරිසක් දෙවියකු සේ ද හඳුන්වන ‘අබිමානා’ එවැන්නෙකි.
දිගු කාලයක් මුළුමනින්ම පාහේ ජන අවධානයෙන් ගිලිහී තිබූ මේ ‘අබිමානා’ නැවත සමාජ කරළියට පිවිසෙන්නේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක 1974 වසරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකක් සඳහා ගැයූ ගීතයකිනි. ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් විසින් ලියන ලදුව වික්ටර් රත්නායකය විසින් සංගීතවත් කොට ගායනා කරන ‘බින්දුමතී’ ගීතය ‘අබිමානා’ නැවත අප හමුවට කැඳවූ ගී නිර්මාණයයි.එය ගීත රසිකයනට ලබා දුන් රසාලිප්ත අත්දැකීමකට අමතරව අපගේ ජන විශ්වාසයකට ලබා දුන් නව පුනර්ජීවනයකි.

බින්දුමතී නම් ගැමි තරුණියක් වෙත කරන ප්‍රේමාරාධනයක් සේ ප්‍රබන්ධය වූ ඒ ගීතයෙන් රචකයා එම තරුණියට අවවාදයක් ද දෙයි. ඒ ‘තොට ළඟටා යන්න එපා අබිමානා එයි’ යනුවෙනි. ඊට හේතුව මෙම ‘අබිමානා’ නම් යක්ෂයා ‘ජාම වෙලාවන්’ හිදී කාන්තාවන් දිය නාන ස්ථාන හෙවත් නාන තොටවල් ආශ්‍රිතව සැරිසැරීම ය. හිරු නඟින, මුදුන්වන සහ හිරු බසින අවස්ථා මුල්කොට දහවල් කාලයට එළැඹෙන ‘ජාම වෙලාවන්’ තුනකි. අතීතයේ මේ ජාම වෙලාවන් තුළ කාන්තාවන් මඟතොටට බැසීමට, නාන තොටට යාමට මැලිවුණේ මෙබඳු අමනුෂ්‍යයන්ගේ බැල්මට ගොදුරු වේය යන බියෙනි.

ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස්

බින්දුමතී නම් ගැමි තරුණියක් වෙත කරන ප්‍රේමාරාධනයක් සේ ප්‍රබන්ධය වූ ඒ ගීතයෙන් රචකයා එම තරුණියට අවවාදයක් ද දෙයි. ඒ ‘තොට ළඟටා යන්න එපා අබිමානා එයි’ යනුවෙනි. ඊට හේතුව මෙම ‘අබිමානා’ නම් යක්ෂයා ‘ජාම වෙලාවන්’ හිදී කාන්තාවන් දිය නාන ස්ථාන හෙවත් නාන තොටවල් ආශ්‍රිතව සැරිසැරීම ය. හිරු නඟින, මුදුන්වන සහ හිරු බසින අවස්ථා මුල්කොට දහවල් කාලයට එළැඹෙන ‘ජාම වෙලාවන්’ තුනකි. අතීතයේ මේ ජාම වෙලාවන් තුළ කාන්තාවන් මඟතොටට බැසීමට, නාන තොටට යාමට මැලිවුණේ මෙබඳු අමනුෂ්‍යයන්ගේ බැල්මට ගොදුරු වේය යන බියෙනි.

මෙහිදී ‘අබිමානා’ කරනුයේ එම නාන තොටවල්වල රෙදි පෙරදි ලිහිල් කරමින් දින නාන, ඇඟ අතුල්ලන තරුණ කාන්තාවන් දෙස ආශාවෙන් බලා සිටීම ය. එවිට අබිමානාගේ ඇල්මට බැල්මට යොමුවන කාන්තාවෝ එම අමනුෂ්‍ය දෝෂයට නතුවෙති.උණ ගතිය, කෑම අරුචිය, තෝන්තු ස්වභාවය සේම ඇතැම්විට සිහි විකල් වී නන් දෙඩවීමට පටන් ගැනීම මෙම අමනුෂ්‍ය දෝෂයේ කෙටිකාලීන ලක්ෂණ අතරට ගැනෙන අතර, කිලි මාලය,ලේ මාලය නමින් හැඳින්වෙන අක්‍රමවත් මාස් ශුද්ධිය සහ මාස් ශුද්ධියේදි අධික රුධිර වහනයක් සිදුවීම මෙහි දිගුකාලීන ලක්ෂණ ලෙස සැලකෙයි. කාන්තාවන් මෙම තත්වයෙන් මුදාගත හැක්කේ ඒ සඳහා වන ශාන්තිකර්ම මගින් පමණක්ය යන්න සමාජයේ මුල් බැසගත් ජන විශ්වාසයකි.

සාමාන්‍යයෙන් කාන්තාවක් නිවසින් බැහැර වන රොදක් වැනි ස්ථානයකදී ලිංගික කටයුත්තකට යොමු වන්නේ අනියම් ඇසුරකදී පමණි. අප අතීත සමාජයේ කතුන් තම දරුවන් නිවසේ සිටින සැමියන්ට බාරදී වන රොදවල බැඳ තබා ඇති ගවයන් රැගෙන ඒමට ගිය ගමන් වලදී තම අනියම් සැමියන් හමුවී වනයේ දී ලිංගිකව හැසිරුණ බව මෙරට එළිමහන් සිරකරුවකු වශයෙන් ජීවත් වූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ඔහුගේ අනගි ග්‍රන්ථයේ සටහන් කර ඇත.

අපගේ ජන විශ්වාසයේ එන අන්දමට අබිමානා මෙලෙස බැලුම් හෙළනුයේ නාන තොටවල දිය නාන කතුන්ට පමණක් නොවේ. වන රොදවල සහ වෙනත් එළිමහන් ස්ථානවල ලිංගික කටයුතුවල යෙදෙන කාන්තාවෝ ද අබිමානාගේ ඇල්ම බැල්මට ලක්වෙති. සාමාන්‍යයෙන් කාන්තාවක් නිවසින් බැහැර වන රොදක් වැනි ස්ථානයකදී ලිංගික කටයුත්තකට යොමු වන්නේ අනියම් ඇසුරකදී පමණි. අප අතීත සමාජයේ කතුන් තම දරුවන් නිවසේ සිටින සැමියන්ට බාරදී වන රොදවල බැඳ තබා ඇති ගවයන් රැගෙන ඒමට ගිය ගමන් වලදී තම අනියම් සැමියන් හමුවී වනයේ දී ලිංගිකව හැසිරුණ බව මෙරට එළිමහන් සිරකරුවකු වශයෙන් ජීවත් වූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ඔහුගේ අනගි ග්‍රන්ථයේ සටහන් කර ඇත. මෙලෙස අවිචාරවත් ලිංගික හැසිරීම්වල යෙදෙන කාන්තාවන් ද අබිමානාගේ ඇල්මට බැල්මට ලක්වීමෙන් රෝගී වන බව ජන විශ්වාසයයි.එනිසාම ඇතැම් කතුන් එවන් නොමනා ලිංගික හැසිරීම් සම්බන්ධයෙන් පසුබාන්නට ද ඇත.කාන්තා නිරුවතත් කෙරෙහි හෝ ලිංගික ක්‍රියාකාරකමක් කෙරෙහි යමෙකුගේ විශේෂ අවධානයක් යොමුවීම ස්වභාවික තත්ත්වයකි. නමුත් එවැනි දේ බලමින් තෘප්තියක් ලැබීමේ සහ ඒ සමඟම ප්‍රකෘති ආකාරයට ලිංගිකාශ්වාදය ලැබීමට නොහැකි වීමේ මානසික රෝගයක් ද ඇත.
මෙම මානසික රෝගයෙන් පෙළෙන්නවුන් ලිංගික සතුටක් ලබන ප්‍රධානම මාධ්‍යය ඒවා නැරඹීමයි. මෙම රෝග තත්ත්වය හැඳින්වෙනුයේ දර්ශාස්වාදය( Voyeurism)  යනුවෙනි. ඒ අනුව අබිමානා ජරා යකෙකුට වඩා මානසික රෝගියෙකු ලෙස සැලකීම සුදුසු යැයි මට සිතේ.
මෙම ‘අබිමානා’ යන නම ‘අභිමානා’ යනුවෙන්ද ඇතැම් ලේඛනවල සඳහන් වෙයි. එහෙත් එය ඉඳුරාම වැරදි ය. මෙම යක්ෂයාගේ හෝ දෙවියාගේ පුරාවෘත්තවල ‘අභිමානයක්’ සම්බන්ධ කිසිඳු සඳහනක් නැත.ඔහුට ඒ නම් ලැබී ඇත්තේ අබිං භාවිතයට යොමු වී හිඳින නිසා “අබිමා” යන්න මුල් කොට බව පැවසෙයි.ඉන්දියාවේ ඔඩ්ඩිස දේශයේ ඉපිද මෙහි පැමිණි බව පැරණි යාතුකර්ම කවිවල සඳහන් මොහු අබිං සේම ගංජා ඉරීමට ඇබ්බැහි වූවක් බව ද කියනු ලැබේ.ඒ අනුව ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ යකකු බව පෙනේ.


ස්ත්‍රී පුරුෂ කායික සම්බන්ධ කෙරෙහි විශේෂ උනන්දුවක් පළකරන මුත් අබිමානා කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය නුරුස්න බවට ද ජන විශ්වාසයක් තිබේ. ඒ ඇතැම්විට ලිංගික ඊර්ෂ්‍යාව මත පදනම් වුවක්දැයි සැක සහිතය.
මෙම අබිමානා සම්බන්ධ ජනශ්‍රැති, ප්‍රවාද සේම යාතුකර්ම සාහිත්‍යයක්ද තිබේ. මහවැලි අමාත්‍යංශය මගින් 1985 වසරේ එළි දක්වන ලද මහවැලි වංශයේ දෙවන කාණ්ඩයේ සු.බ. හේරත් සූරීන් විසින් ලියන ලද ‘ගැමි ඇදහිලි හා ආගම්’ ලිපියේ එන අබිමානා සම්බන්ධ කවියක් මෙලෙසිනි.

‘අබිමානයා රට තොට අල්ලන්නේ
දුටු දුටු ලිය නම ලෙඩ කරවන්නේ
කටුවම උඩරට වාස කරන්නේ
හැට හතරක් පෙළපාලි කරන්නේ’

අතීතයට සාපේක්ෂව ගංගා ඇළ දොල ආදියෙන් දිය නාන කාන්තාවන්ගේ සංඛ්‍යාව අද වන විට සීඝ්‍රයෙන් අඩු වී තිබේ. විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ජල මූලාශ්‍රවල ජලය බරපතළ ලෙස දූෂණය වීම සේම නාගරික සමාජ ලක්ෂණයක් වන නානකාමර ගම්බද ප්‍රදේශ දක්වාද ව්‍යාප්ත වී තිබීම ආදිය ඊට හේතු වී තිබේ. අබිමානාගේ මෙම සුපුරුදු චර්යාවන්ට එය ද බාධා පමුණුවා ඇති බව නොරහසකි. එමෙන්ම අපගේ ගැමි කාන්තාවන් දිය නාන අයුරු බලා හිඳන අබිමානාට ගල්කිස්ස, හික්කඩුව, මාතර, තංගල්ල ආදී සංචාරක කර්මාන්තයට ප්‍රසිද්ධ කලාපවල යුරෝපීය කාන්තාවන් යන්තම් විලි වැසෙන ඇඳුම්වලින් සැරසී මුහුදු වෙරළේ විනෝදමත් වන අයුරු නොපෙනීම පුදුමයකි.

අතීතයට සාපේක්ෂව ගංගා ඇළ දොල ආදියෙන් දිය නාන කාන්තාවන්ගේ සංඛ්‍යාව අද වන විට සීඝ්‍රයෙන් අඩු වී තිබේ. විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ජල මූලාශ්‍රවල ජලය බරපතළ ලෙස දූෂණය වීම සේම නාගරික සමාජ ලක්ෂණයක් වන නානකාමර ගම්බද ප්‍රදේශ දක්වාද ව්‍යාප්ත වී තිබීම ආදිය ඊට හේතු වී තිබේ. අබිමානාගේ මෙම සුපුරුදු චර්යාවන්ට එය ද බාධා පමුණුවා ඇති බව නොරහසකි. එමෙන්ම අපගේ ගැමි කාන්තාවන් දිය නාන අයුරු බලා හිඳන අබිමානාට ගල්කිස්ස, හික්කඩුව, මාතර, තංගල්ල ආදී සංචාරක කර්මාන්තයට ප්‍රසිද්ධ කලාපවල යුරෝපීය කාන්තාවන් යන්තම් විලි වැසෙන ඇඳුම්වලින් සැරසී මුහුදු වෙරළේ විනෝදමත් වන අයුරු නොපෙනීම පුදුමයකි. එමෙන්ම නූතන තරුණ පරපුර නාගරික ප්‍රදේශවල පවා තුරුලිය බහුල ස්ථාන මුල්කොට ප්‍රේමාලිංගන කටයුතු කරනු අබිමානා තවමත් නොදන්නා බවක් පෙනෙනුයේ එබඳු තරුණියන් වෙත අබිමානාගේ ඇල්ම බැල්ම යොමු නොවන බැවිනි. නමුත් උඩරට කෘෂිකාර්මික සමාජය තුළ මේ අබිමානාට දේවත්වයක් ආරෝපණය කොට ඇති බවක් ද පෙනේ.එහි කුඹුරු පූදින කාලයට ගොයම මැසි මදුරුවන් ගෙන් රැක ගනු පිණිස කුඹුර මැද ගොක් කොළ වලින් පහන් පැලක් තනා එහි තෙල් මල් සුවඳ දුම් පිළියෙල කොට අබිමාන දේවතාවා සඳහා ශබ්ද පූජාවක් පැවැත්වූ බව සඳහන් ය.මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස සහ එච්.එම්.එස් තුන්දෙණිය යන විද්වතුන් විසින් සම්පාදිත සිංහල දේව පුරාණය කෘතියේ ද ඒ සම්බන්ධ විස්තර සඳහන් වේ.

ඒ අනුව මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් තිබේ. එනම් අබිමානා නමින් හැඳින්වෙන මෙම යක්ෂයා හෝ දේවතාවා අතීතයේ මෙහි ජීවත් වූ එක්තරා පුද්ගල මාදිලියක් සංකේතනය කරන බවකි.මක් නිසා ද යත් අද අප අතරේ ද එවැනි මිනිස් අබිමානලා ඉඳහිට දැකිය හැකි නිසාය.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්