ප්‍රදේශ කිහිපයකට අද දැඩි උණුසුමක්

අද(31) ශ්‍රී ලංකාවේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු විය යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියයි. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ඉදිරි දිනවලදී ඇරඹෙන බැවින් මෙලෙස ශරීරයට දැනෙන උෂ්ණත්වයේ ඉහළයාමක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුව මත වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් සෞඛ්‍යයට අහිතකර තත්වයන් ඇතිවිය හැකි බවත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, හැකි තරම් සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවීම, කුඩා ළමුන් තනිව වාහනවල රඳවා නොයාම, අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වැළකීම, සුදු හෝ ලා පැහැ සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි උපදෙස් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.

කාලීන පුවත්