ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද (13) සිය ජීවිතයෙන් සමුගත්තේය. මියයනවිට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. ගායන ශිල්පියෙක්, ගීත රචකයෙක් සහ තනු නිර්මාපකයෙකු වූ නිහාල් නෙල්සන් ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයා විය. ගීත ඇල්බම 113 ක් නිකුත් කර ශ්‍රී ලාංකික කලාකරුවෙකු විසින් පටිගත කරන ලද වැඩිම ඇල්බම වාර්තාවටද ඔහු හිමිකම් කියයි.
නිහාල් නෙල්සන් ගායකයෙකු ලෙස පාසල් වේදිකාවේ මෙන්ම මොරටුවේද ඉතා ජනප්‍රිය විය.1978 දී ගුණේ අයියගේ කාමරේ අතිශය ජනප්‍රිය විය. මියයනතුරු අඛණ්ඩව ප්‍රසංග වේදිකාවේ ගායනා කළ ගායකයෙකි.
නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල් , කිරි දුන්නේ දරුවන්ටයි වැනි ගීන සියගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇත.
ඔහු බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. පෙම් කුරුල්ලෝ ,සක්විති සුවය , ලෝක හොරු , රොදය , හරි යනකොට ඔහොම තමා, සඳුන් , අවුරුදු තාත්තා , වරුසා , මල් , වාලම්පුරි දියමන්ති ඔහු ගී ගායනය කළ චිත්‍රපට අතර තිබේ.
2013 මාර්තු මස 15 වන දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සමරමින් “අවුරුදු 50යි, නිහාල් ඇවිත්” ප්‍රසංගයක් මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2015 දී නෙල්සන්ට ‘මොරටුපුර රත්නවිභූෂණ’ සම්මානය පිරිනමන ලදී. 2021 ජනවාරි මාසයේදී ප්‍රවීණ ගායකයාගේ නමින් ඔහුගේ උපන් ගම වන මොරටුව රාවතාවත්තේ තුන්වන පටුමග නම් කෙරිණි.