ප්‍රාථමික පාසල් දරුවන් ලක්ෂ 18 කට නොමිලේ දිවා ආහාර රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිලගණන් ඉහල යාම මෙන්ම ආහාර හිගවීම පාසල් දරුවන්ගේ පෝෂණයට දැඩි බලපෑමක් එල්ල කර තිබීම පදනම් කර ගෙන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පාසල්වල ලක්ෂ 18 ක් පමණ වන ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙලකට සහාය ලබාදීමට එකගතාව පළ කර ඇත. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලයන 27 ක් ලබාදීමට නියමිතය. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත දිවා ආහාර වේලක් එම දරුවන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.