ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු විශේෂ පොලිස් ආරක්ෂාව මැද

පාකිස්ථානයේ දී අන්තවාදීන් ගේ ප්‍රහාරයකින් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද(08)ඒ මහතාගේ නිවස පිහිටි ගණේමුල්ල කැන්දලියැද්ද පාළුව සහ අවසන් කටයුතු සිදු කෙරෙන පොල්හේන සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.මෙම ඝාතනය යොදාගනිමින් විවිධ පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාව තුළ වාර්ගික ගැටුම් වලට මුල පිරීමට ඇති අවකාශය සළකා මෙම පියවර ගෙන තිබේ.එමෙන්ම මෙම අවස්ථාව සඳහා දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් ද එක් වීමට නියමිතය.

කාලීන පුවත්