ප්‍රේම විවාහ මැද්දට පොරොන්දම් හරස් කිරීම බරපතල අපරාධයක්! – හේම ශ්‍රී අමරසිංහ

මීට මඳ කලෙකට ඉහත මැදිවිය ඉක්මවූ යුවළක් මා හමුවට පැමිණියේ ජ්‍යොතිෂය මුල්කොට ගත් තම දුක් ගැනවිල්ලක් මා වෙත ඉදිරිපත් කරනු පිණිස ය. එම යුවළගේ වැඩිමහල් පුතු විශ්ව විද්‍යාලයකින් ලබා ගත් උපාධියකින් පසුව රාජ්‍ය ආයතනයක සේවය කරන්නෙකි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ එහිම උගත් සිසුවියක හා ප්‍රේමයෙන් බැඳී සිටි අතර ඇයට ද පසුගිය කාලයේ රාජ්‍ය ආයතනයක අභ්‍යාසලාභී පත්වීමක් ලැබී තිබේ. ඒ වන විට ඔවුන්ගේ මෙම පෙම් සබඳතාව දෙපාර්ශවයේම වැඩිහිටියන් දැන සිටි නමුදු ඒ සඳහා ඔවුන්ගෙන් විරෝධයක් ද එල්ල වී නොමැත.
මේ වන විට ඒ දෙදෙනාම වයස අවුරුදු තිස් ගණන්වල මුලට පැමිණ සිටීම නිසාත් දෙදෙනාටම යම් ජීවන මාර්ග පෑදී ඇති නිසාත් තම විවාහය සිදුවීමට නිසි කල එළැඹි ඇති බැවින් එම තරුණයා විසින් ඒ සම්බන්ධයෙන් තම මාපියන් දැනුවත් කොට තිබේ. ඒ අතර එම තරුණිය ද ඇගේ මාපියන් දැනුවත් කොට ඇත.එහි දී ඒ තරුණියගේ දෙමාපියන් ඇයට පවසා ඇත්තේ එසේ නම් එම තරුණයාගේ කේන්දර පිටපතක් තමන් වෙත ලබා දෙන ලෙස ය. පසුව දෙදෙනාගේ පොරොන්දම් පරීක්ෂා කොට ඒවා නිසි ලෙස ගැළපුණහොත් එම විවාහයට අවසර දිය හැකි බව ද එම තරුණියගේ දෙමාපියන් ඇයට කියා තිබේ. ඒ අනුව එම තරුණයාගේ ජන්ම පත්‍රය එම තරුණිය විසින් සිය දෙමාපියන් හට ලබා දී තිබූ අතර ඔවුන් එය ජ්‍යොතිර්වේදියකු වෙතට යොමු කොට ඇත.

එහෙත්, එම තරුණයාගේත්, තරුණියගේත් පැතුම් සුන්නද්දූලි කරවමින් එම පොරොන්දම් පරීක්ෂාව කළ ජ්‍යොතිර්වේදියා කියා ඇත්තේ ඒ තරුණයාගේත්, තරුණියගේත් පොරොන්දම් නොගැළපීම මත එම විවාහය සඳහා කෙසේවත් අනුමැතිය ලබා දිය නොහැකි බවකි. මෙම තත්වය යටතේ තම පුතු කෙතරම් ඉච්ඡාභංගත්වයට පත්ව සිටින්නේ ද කිවහොත් ඔහුගේ ජීවිතයේ පෙර තිබූ සජීවි, උද්‍යෝගිමත් බව ඒ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇති බවක් ඒ දෙමාපියන් මා හා කියා සිටියේ දැඩි සංවේගයෙන් යුතුව ය. එමෙන්ම එම වැඩිහිටියා පවසා සිටියේ එළැඹ ඇති තත්ත්වය මත තම බිරිඳ තුළ පවතින මානසික අසහනය තීව්‍ර වී ඇගේ දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝග තත්ත්වයන් ද වර්ධනය වී ඇති බවකි.

sinhala marriage proposals Marriage proposals online sunday times marriage proposals today sunday observer marriage proposals divorce marriage proposals sri lanka
එම වැඩිහිටි යුවළගේ දුක්බර විස්තරය අසා සිටි මම එම යුවළගේ පොරොන්දම් පරීක්ෂාව කළ ජ්‍යොතීර්වේදියා කවරකු වුව ඔහු එක්තරා අන්දමක ‘අපරාධකාරයෙකැයි’ සෘජුවම කියා සිටියෙමි.
නැකැත් සෑදීම, අනාවැකි කීම, පොරොන්දම් පරීක්ෂාව ආදී ජ්‍යොතිෂය මගින් සිදු කෙරෙන සියලුම දෑ මිනිසාගේ හිත සුව පිණිස විය යුතුය යන සිද්ධාන්තය ජ්‍යොතිර්වේදයේ තිබේ. එසේ නොමැතිව ජ්‍යොතිර්වේදය යනු මිනිසාට විපත් හෝ දඬුවම් පමුණුවන ශාස්ත්‍රයක් විය යුතු යැයි කිසිදු තැනක සඳහන්ව නැත. ඒ අනුව දිගු කලක් ප්‍රේමයෙන් බැඳී සිටි එම යුවළගේ විවාහය ඉදිරියේ පොරොන්දම් පරීක්ෂාවක් හරස් කළ එම ජ්‍යොතීර්වේදියා එම තරුණ යුවළ ‘නොමරා මරා’ තිබේ. එපමණක් නොව ඒ වැඩිහිටි යුවළගේ කායික, මානසික තත්ත්වය බිඳහෙලූ ඔහු ඒ තරුණයාගේ මව තුළ ඇති රෝගී තත්ත්වයන්ද ඉස්මතු කොට ඇත.

sinhala marriage proposals Marriage proposals online sunday times marriage proposals today sunday observer marriage proposals divorce marriage proposals sri lanka
පොරොන්දම් බැලීම යනු විවාහපේක්ෂක යුවළකගේ කායික, මානසික යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන ජ්‍යොතිර් විද්‍යාත්මක එක් ක්‍රමයක් පමණි. විසි පොරොන්දම, දස පොරොන්දම, අෂ්ට කූට පොරොන්දම යනුවෙන් පොරොන්දම් බැලීම විස්තර කළ හැක. එහෙත් යම් විවාහයක සාර්ථකත්වය හුදෙක් පොරොන්දම් ගැළපීම මතම සිදු වන බවක් ජ්‍යොතිර්වේදයේ කිසිදු තැනක සඳහන් නොවේ. නිදසුනක් ලෙස යම් විවාහයකට එළැඹෙන යුවළකගේ විවාහය, පවුල් හා ගෘහ ජීවිතය දරුපල ආදිය සම්බන්ධ සුබ ග්‍රහ පල පිහිටා තිබේ නම් ඒ ඔස්සේ ද එවන් විවාහයක් සඳහා නිර්දේශය ලබා දීමට විධිමත් ලෙස ජ්‍යොතිර්වේදය හදාළ ජ්‍යොතිර්වේදීහු සමත් වෙති.එමෙන්ම ඉහත සඳහන් ඇතැම් පොරොන්දම් සුබ වීම මත අසුබ පොරොන්දම් ද නිරායාසයෙන් සුබ වන බවක් ජ්‍යොතිෂයේ දැක්වේ. ”

අපේ දුවගේ කසාදෙ තීන්දු කළේ දෙතුන් දෙනෙකුටම කියලා හොඳට පොරොන්දම් බලවලා.ඒත් දැන් ඔන්න දුව ආයින් නම් ඒ ගෙදර පස් පාගන්නෙ නෑ කියලා ගෙදර ඇවිත් ඉන්නවා.ඉතින් ඔය තරම් හොඳට පොරොන්දම් ගලපලා කසාදෙ කරලත් ඇයි දුවට මෙහෙම දෙයක් වුණේ” ඉහත සඳහන් අන්දමේ මා පිය දුක් ගැනවිලි පළපුරුදු ජ්‍යොතිර්වේදියකු වෙත යොමු වීමේ පහසු හැකියාවක් තිබේ.එමෙන්ම ඔවුන් එහි දී මුවින් නොඅසන තවත් බැරෑරුම් පැනයක් ද තිබේ.එනම් ජ්‍යෙතිෂය කියන්නේ බොරුවක් නේද?” යන්න ය.නමුත් මෙහි සත්‍ය කතාව අනෙකකි.පොරොන්දම් යනු පැරණි ජ්‍යොතිර්වේදී සිද්ධාන්ත පදනම් කර ගනිමින් පසුකාලීන ප්‍රාඥයන් විසින් ස්ත්‍රී-පුරුෂ කායික මානසික බන්ධන විශ්ලේෂනය කිරීම පිණිස යොදා ගත් උපයෝග පද්ධතියකි.එහෙත්, එම පොරොන්දම් ගැලපුණු පමණින් යුග දිවියක් සාර්ථක වන බවක් පැවසීම ජ්‍යොතිෂයට කරනු ලබන නිගරුවකි.ලෝකයේ හෝ පුද්ගලයකු ගේ පැවැත්ම බහු විධ සාධක මත පදනම් වන අතර ඒකීය සාධකයක් මුල් කොට එය තීරණය කළ නොහැකි බව ජ්‍යොතිෂය මඟින් ද ඉඳුරාම සපථ කෙරේ.ඒ අනුව පොරොන්දම් ගැලපෙන සෑම විවාහයක්ම සාර්ථක නොවීමටත් පොරොන්දම් නොගැලපෙන විවාහ පවා සාර්ථක වීමටත් ඇති හැකියාව අප පිළිගත යුතු ය.අනෙක නිරයන නමින් හඳුන්වන පෙරදිග ජ්‍යොතිර්වේදය භාවිතා කරන සෑම සමාජයක් තුළම මේ ආකාරයේ පොරොන්දම් ගැලපීමක් නොමැති බව ද බොහෝ දෙනෙක් නොදනිති.නමුත් ජ්‍යොතිෂය පිළිබඳ හයක් හතරක් නොදන්නා කපටි කයිරාටිකයන් ජ්‍යොතීර්වේදීන් ලෙස පෙනී සිටිමින් ඉහත සඳහන් ආකාරයේ බිහිසුණු අපරාධ දිගින් දිගටම සිදු කරනු පෙනෙයි.

sinhala marriage proposals Marriage proposals online sunday times marriage proposals today sunday observer marriage proposals divorce marriage proposals sri lanka
එමෙන්ම මේ සම්බන්ධයෙන් තවත් කරුණක් ද කිව යුතු ය.අපට වැළඳෙන යම් යම් රෝග පීඩා සඳහා ඖෂධ ප්‍රතිකාර තිබේ. එමෙන්ම ඖෂධ නොවන වෙනයම් ප්‍රතිකාර ක්‍රම ද තිබේ. ඒ ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල ලද නොහැකි වුවහොත් ඒ සඳහා ගත හැකි ද්විතියික හා විකල්ප විසඳුම් ද තිබේ. එම රෝගය සඳහා වෛද්‍ය ශාස්ත්‍රය මගින් විසඳුම් නොමැති බවට තීරණයකට එළැඹෙනුයේ ඉන් පසුව ය. එහෙත් ජ්‍යොතිර්වේදය ඒ සියලු වෛද්‍ය ශාස්ත්‍රයන්ට වඩා අතිශය දැවැන්ත පුළුල් පරාසයක් දක්වා විහිදී යන්නකි. ඒ අනුව වෛද්‍ය ශාස්ත්‍රයන් තුළ නොමැති බොහෝ විකල්ප සහන ක්‍රම ජ්‍යොතිර්වේදයේ අන්තර්ගත ය.එහෙත් ඒවා සම්බන්ධ නිසි දැනුමක් හැදෑරීමක් කොට නොමැති වෘත්තීය අත්දැකීම් නොමැති පිරිස් සාර්ථක විවාහයක් සඳහා පොරොන්දම් ගැළපිය යුතුමය යන අන්තගාමී මතයේ ඇලී ගැලී කටයුතු කරති. ඔවුන් එමගින් සිදු කරනුයේ ජ්‍යොතිෂයේ නාමයෙන් ජනතාව ‘කබලෙන් ළිපට’ ඇද දැමීමකි.එය උතුම් මානව ශාස්ත්‍රයක් වන ජ්‍යොතිෂය ද අමු අමුවේ දූෂණය කිරීමකි.

පොරොන්දම් ගැළපීම වශයෙන් අති සාර්ථක වූ එහෙත් අතරමග බිඳ වැටණු විවාහය කොතෙකුත් තිබේ.එමෙන්ම පොරොන්දම් ගැළපීමකින් තොරව හෝ පොරොන්දම් නොසලකා හැර සිදු වූ විවාහ ද තිබේ. ඒ අනුව වසර ගණනක් තිස්සේ එකිනෙකා ප්‍රේමයෙන් බැඳී සිටින යුවළක් විවාහ වීමට පෙර ඔවුන්ගේ පොරොන්දම් ගැළපීම ‘ගහ දන්නා අයට කොළ කඩාපෑම’ නම් වන පැරණි පිරුළ සිහිගන්වන්නකි. එමෙන්ම එවන් යුවළක විවාහ වීමට පෙර ඔවුන්ගේ පොරොන්දම් පරීක්ෂා කොට එය නොගැළපෙන බවක් පවසා එම යුවළගේ සිත් තුළට අසුබවාදී මානසික ඇණවුම් ලබා දීම පාපය ද එවන් ජ්‍යොතිර්වේදීන් හට ඒකාන්තයෙන්ම හිමි වනු ඇත.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට