පාකිස්ථානයටත් ඡන්දයකට යන්න සල්ලි නැතිලු

මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමත්‍යාංශය සතුව නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ.ඒ අතර පෙරේදා (24) පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක දී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සහ ජනමාධ්‍ය අමාත්‍ය මීරියම් අවුරන්සෙබ් ද මැතිවරණයක් පැවැත්වීමට මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව පෙන්වා දී තිබේ.හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින් රට මෙම අර්බුදයට මුහුණ පා සිටින බව පාකිස්ථාන රජය පවසයි.නමුත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම බල කර සිටින්නේ, මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බව ය.

කාලීන පුවත්