පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් අද මහරගම යොවුන් නිකේතනයේ දී එළි දක්වන ලදී.ජාතික හෙළ උරුමයේ සිට 43 වන සේනාංකය හරහා නව දේශපාලන සංස්කෘතියක් කෙරෙහි යොමුවන පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් පෙරදැරි කරගත් මෙම පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට හිටපු කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩලස් අලහපල්පෙරුම , රවුෆ් හකීම් ඇතුළු තවත් විපක්ෂ දේශපාලන නියෝජිතයින් කිහිපදෙනක් ද එක්ව සිටියහ.