රට තුළ සිදු වන පාතාල කල්ලි ක්‍රියා මඟින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.රට තුළ පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී ඇති අතර ඒවා හුදෙක් එම කල්ලි අතර ගැටූම් නොව ඒවා එම කල්ලි ඒකාබද්ධ කොට වෙනම සංවිධානයක් විසින් මෙහෙයවන ඒවා බවට තොරතුරු ලැබෙමින් පවතින බව ද පවසන.ජනාධිපති වරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (23)මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.