පාන්ගෙඩිය රුපියල් සීයට යයි

අද වනවිට ඇතැම් වෙළඳුන් පාන් ග්‍රෑම් 450 පාන් ගෙඩිය රුපියල් 100ක් දක්වා මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයෝ කියති.එමෙන්ම පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කරන ඇතැම් ජංගම රථ මඟින් ඊට අඩු මිලට පාන් ලබා ගත හැකි මුත් එම මිල අඩු වීමට සාපේක්ෂව ඒවායේ බර බොහෝ දුරට අඩු කොට ඇතැයි ද පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.මෙම තත්වය පිළිබඳව කරුණු දක්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසන්නේ බේකරි නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන සඳහා අව්ශ්‍ය පමණට තිරිඟු පිටි ලබාගැනීමට දුෂ්කර වී ඇති බැවින් පාන් නිෂ්පාදනය කිරීම දැන් බොහෝ සේ අඩු වී ඇති බවය.එනිසා ලැබෙන තිරිඟු පිටිවලින් සීනි කෑම සහ රස කැවිලි නිෂ්පාදනයට බේකරි හිමියන් වැඩි ප්‍රමුඛතාවය දෙන බවත් එසේ නොකළහොත් ඔවුන්ගෙන් වැඩි පිරිසකට තම ව්‍යාපාර පවත්වා ගෙන යාමට නොහැකි වනු ඇති බවත් එන්.කේ ජයවර්ධන මහතා කියයි.

 

කාලීන පුවත්