දැනට පවතින පාන්පිටි මිල අද (18) සිට අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි සඳහන් වෙයි.
ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් ලෙස මෙම මිල අඩුකිරීම සිදුකර තිබේ.