ස්වර්ගස්ථ වී වදාළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය සෙනසුරාදා (26) වතිකානු වේලාවෙන් පෙ.ව. 10 ට(ප.ව ට ශ්‍රී ලංකා වේලාවෙන් එදින ප.ව 2.23 ට ) ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට චතුරශ්‍රයේදී සිදුවන බව වතිකානුව නිවේදනය කර ඇත.එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යන ලෝක නායකයින් ඊට සහභාගී වන බව මේ වන විට තහවුරු කොට තිබේ.යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ද අවමංගල්‍යයට සහභාගී වීමට නියමිත බව වාර්තා වන නමුත් මෙය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.ලොව සිදු කෙරෙන අතිශය ගරු ගාම්භීර හා දැඩි සම්ප්‍රදායානුකූල අවමංගල්‍යයක් වන මෙය ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක ගේ අවධානයට ලක් වන උත්සවයක් ලෙස ද සැලකේ.