පාප් වහන්සේ සහ කාදිනල් තුමන් අතර හමුව අද

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු සමඟ පසුගිය 23 වනදා වතිකානය බලා පිටත්ව ගිය කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද(25) ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට නියමිතය.එම පිරිස අද දිනයේ දී වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීමට ද නියමිතව තිබේ.ලොව බලවත්ම ආයතන කිහිපය අතරට අයත් වන කතෝලික සභාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි තීරණ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මැදිහත් වීම් සමබන්ධයෙන් ද තීරණාත්මක ලෙස බලපානු ඇතැයි විද්වත්හු කියති.

කාලීන පුවත්