පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

අද උදේ 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කොට තිබේ.මේ වන විට ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.ශ්‍රී ලංකා යුද හමුදායේ පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ දහසකට ආසන්න භට පිරිසක් ඒ සඳහා යොදවා තිබේ.පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගවල ආරක්ෂක මුර කපොලු ගණනාවක්ද පිහිටුවනු ලැබ පරීක්ෂා කිරීම් ද වැඩි කර ඇත.වර්තමාන ජන අරගලයේ මුවාවෙන් පාර්ලිමේන්තුව වැටලීමට හෝ විනාශ කර දැමීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් සැලසුම් කරනු ඇතැයි යන සැකය මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට හා සෝදිසි මෙහෙයුම් වලට පදනම් වී තිබේ.

කාලීන පුවත්