පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) සිට දෙසැම්බර් 6වනදා දක්වා රැස්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (03) සහ හෙට (04) පැවැත්වෙයි.

මේ අනුව අද (03) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වාත්, හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වාත් විවාදය පැවැත්වීමට පසුගියදා කතානායක අසෝක සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරනලදි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදයට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.00ට පැවැත්වීමට ද මෙහිදී පක්ෂ නායකයන්ගේ එකඟත්වය පළ වී තිබේ.

කාලීන පුවත්