පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක

අද(04) දිනයේ පාර්ලිමේන්තුව දක්වා සරසවි සිසුන්ගේ පා ගමනක් සහ ගාලුමුවදොර සිට තවත් පාගමනක් පැමිණෙන බවට තොරතුරු ලැබීම නිසා සහ පාර්ලිමේන්තුව අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ දියත උයන අසල සිට මඟ දෙපස ජීඅයි බට යොදා ස්ථිර මාර්ග බාධක සවි කොට තිබේ.එහෙත්, තම ප්‍රජාතත්ත්‍රීය අයිතීන් මත පදනම් ව ජනතාව පළ කරන සාමකාමී අරගලයන්ට එරෙහිව රජය මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිරතුරු අධීක්ෂණයක පසුවන බව පැවසෙයි.

කාලීන පුවත්