පාර්ලිමේන්තුව පාලනය කරන ජන බලයක් ඉන් පිටත ගොඩ නඟනවා

පාර්ලිමේන්තුවෙන් එළියේ බලය ගොඩනඟා පාර්ලිමේන්තුව පාලනය කිරීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි. අද වන විට ජනතාව තුළ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසයක් නොමැති බවත් ජනතාව මුහුණ දුන් සෑම ප්‍රශ්නයක්ම විසඳාගත්තේ පාර්ලිමේන්තුවෙන් පිටතදී බවත් ඔහු සඳහන් කරයි.රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීම සඳහා බිම් මට්ටමින් ජන අනුමැතියක් නැතැයි ද පැවසු ඔහු ඕනෑවට වඩා අධි තක්සේරුවෙන් නටන්න එපා යැයි ජනපති වරයාට අනතුරු අඟවන බවද කියා සිටියේය.අරගලය කුඩුපට්ටම් කරන්න සිතන්නේ නම් ඊට ලෑස්ති වෙන්න එපා යයි අනතුරු ඇඟවීමක් කරන බවද හෙතෙම කියා සිටියේ ඊයේ(21) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කාලීන පුවත්