පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට ලිංගික හිංසන සඳහා උදව් කළ සේවකයකුගේත් වැඩ තහනම්

පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි වැඩ තහනමට ලක් වූ පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයාට ඒ සම්බන්ධයෙන් උදව් දුන් එහි කනිටු සේවකයකු ද අද (25)වැඩ තහනමකට ලක් කොට තිබේ.පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් මෙසේ වැඩ තහනම් කරනු ලැබූවේ එම දෙපාර්තමේන්තුවේම ගෘහපාලන සහයකයකුගේ ය.මෙම සේවකයා ලිංගික හිංසා කිරීම සඳහා එම පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයාට සහාය දී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම පියවර ගෙන ඇත.පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ නියමයෙන් නිලධාරිනියන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන අතර එහි වාර්තාව තව නොබෝ දිනකින් මහ ලේකම්වරියට බාරදීමට නියමිතය.

කාලීන පුවත්