පාර්ලිමේන්තු භෝජනාගාරයේ මන්ත්රී වරුන් ගේ ආහාර බිල වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේ දී රැස්වී මේ පිළිබඳව අවසාන තීරණය ගැනීමට නියමිත ය. මේ වන විටත් මන්ත්රීවරුන්ගේ ආහාර බිල පැරණි මිල ගණන් යටතේම පවතින බැවින් වර්තමාන වෙළඳපොලේ භාණ්ඩ මිලට ගලපා එම බිල සකස් කිරීමට නියමිත ය.කෙසේ හෝ ලොව සෑම රටකම පාහේ පාර්ලිමේන්තු වල භෝජනාගාරයක් ඇති බැවින් හා පාර්ලිමේන්තුව දූපතක පිහිටීම සහ ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සේවකයින්ට පිටතින් ආහාර පාන රැගෙන ඒම අපහසු බැවින් පාර්ලිමේන්තු සේවකයින් සඳහා ආහාර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ද අදහස් කොට තිබේ.