ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (14 ) පෙරවරු 7.00 ට ආරම්භ කෙරිණ.මෙය පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය අනුව ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු (17,140,354) සුදුසුකම් ලබා සිටිති.