පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද හමුවක්

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ, මැතිවරණය සදහා දේශපාලන පක්ෂ වියදම් කළ හැකි උපරිම මුදල එහිදී තීරණය කිරීමට නියමිත බවයි.

හමුව අද (15) පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සමග ද අද (15) රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

කාලීන පුවත්