පාරිභෝගිකයන්ට වංචා කළොත් සමහර භාණ්ඩ වලට පාලන මිලක් නියම කරන්න වේවි

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාට ලබා නොදී ව්‍යාපාරික ප්‍රජාව වංචනික ලෙස කටයුතු කළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කාලීන පුවත්