පාරිභෝගික අධිකාරියේ වැටලීම් අද සිට ක්‍රියාත්මකයි

උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද ට ජනවාරි 15 වැනි දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඇඳුම් පැළඳුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපරකණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳසැල් වෙත විශේෂ අවධානයක් යොමු කරන බවයි පාරිභෝගික අධිකාරීය ප්‍රකාශ කරයි.

මීට අමතරව, ජංගම වෙළඳුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පිළිබඳව දවිශේෂ අධීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

මහජනතාවට පැමිණිලි ඇත්නම් 1977 දුරකථන අංකය වෙත තොරතුරු ලබා දිය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කරයි.

 

කාලීන පුවත්