කොළඹ ඇතුළු බොහෝ ප්රදේශවල පෞද්ගලික වාහන ධාවනය ශීඝ්රයෙන් පහළ බැස ඇති අතර වෙනත් දිනවල අධික රථවාහන තද බද පවතින කොළඹ නගරයේ මාර්ග රැසක් පාඵ ස්වභාවයට ගොස් ඇති බව වාර්තා වෙයි.ඉන්ධන නොමැතිකම මීට ප්රධාන ලෙසම බලපා ඇති අතර ඊට සාපේක්ෂව කොළඹ ඇතුළු බොහෝ ප්රදේශවල පාපැදි කරුවන්ගේ ඩැඩිවීමක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.මාර්ග තදබදය තිබියදී පාපැදි ධාවනයේ ඇති අනතුරු දායක බව මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති නිසා බොහෝ දෙනෙක් මෙම අවස්ථාවේ පාපැදි භාවිතයට යොමු වී ඇති බවක් පැවසෙයි.