පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය “පාලනය කිරීම”ට අවශ්‍ය පියවර ගත්තා

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය “පාලනය කිරීම”ට අවශ්‍ය පියවර ගත්තා පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.පළාත් අධ්‍යාපන බලධාරින්, කළාප කාර්යාල, ආරක්ෂක අංශ සහ දෙමව්පියන් සම්බන්ධ කරගනිමින් මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.”අපේ රටේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ආපු සක්‍රීය පනතක් තමයි 1983 විෂ මත්ද්‍රව්‍ය අබින් පනත. මේ පනත කාලයකට පසුව මාස දෙකකට උඩදි මේ පාර්ලිමේන්තුවේදී ම සංශෝධනයකට ලක් වුණා. කොහොම වුණත් තිබුණු පනත යටතේ අයිස් වැනි දේවල් වලට නඩු පැවරිමේ හැකියාවක් තිබුණේ නැහැ. පනතේ උපලේඛනයේ සඳහන් පරිදි තමයි නඩු පැවරීමේ අධිකරණ බලය පැවරෙන්නේ. බර අනුව ග්‍රෑම් දෙකට වැඩිනම් නඩුව යන අධිකරණය පවා වෙනස් වෙනවා. ආයුර්වේද ක්‍රමය අනුව වෛද්‍ය වරුන්ට ගංජා තබාගැනීමේ හැකි ප්‍රමාණයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇතුළත් කරලා කිසිම ආකාරයකින් රසායනික නම අනුව මත්ද්‍රව්‍ය ගණයට වැටෙන ආකාරයටයි අපි මෙවර සංශෝධන ඉදිරිපත් කළේ. දැන් ඉඩකඩ තිබෙනවා, පනත දැන් බලාත්මකයි.ඒ් යටතේ අවශ්‍ය කටයුතු කරනවා.ඒ වගේම පාසල් පද්ධතිය ගැන කතා කරනවානම් මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරින්ගේ සිට කළාප කාර්යාල, අදාළ පොලිස් නිලධාරින් සමඟ වතාවන් කිහිපයක් සාකච්ඡා කරලා පාලනය කිරීම , දැනුවත් කිරීම මෙන්ම ‌මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දෙමවිපියන්ද සම්බන්ධ කරගනිමින් වැඩපිළිවෙලකට ගිහින් තිබෙනවා. කොහෙන් හරි අපට ආරන්චියක් ආවොත් අපි ඒ් සම්බන්ධයෙන් කටයුතු කරනවා”.නමුත් මෙම පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාලනය යන්න පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය මැඬලීම යනුවෙන් සඳහන් වූයේ නම් වඩාත් නිවැරදි බව මේ සම්බන්ධයෙන් බොහෝ ගුරු දෙගුරුන් ගේ අදහස වී තිබේ.

කාලීන පුවත්