චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇඳුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව භාරදෙනලදි.
2025 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට ස්තූතිය පළකරනලදි.
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක්.
නෞකා වර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවැනි නෞකා වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබේ. තුන්වැනි නැව්වාරය එළැබෙන දෙසැම්බර් 25 වන දින මෙරටට ළගාවීමට නියමිතයි.