පාසල් බසයට අධ්‍යාපන අමාත්‍යංශය අත පොවයි

දැනට පවතින පාසල් බස් රථ ප්‍රවාහන අපහසුතා හා ගාස්තු ඉහළ යාමට විසඳුමක් ලෙස ලබන සඳුද(01) සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ අනුව සෑම පාසලක්ම අවරණය වන පරිදි පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව ඉලක්ක කර ගනිමින් මෙම බස් රථ යෙදවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.පාසල් සිසුන් ප්‍රවාහනය කරන එම බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති අතර මෙයට අමතරව සිසු සැරිය බස් සේවාව ද විධිමත් කිරීමට සැලසුම් කිරීම කෙරෙහි අමාත්‍යංශ අවධානය යොමු වී තිබේ..

කාලීන පුවත්