පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත බසී

පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත බසී පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ නැඟ තිබූ පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් එකඟ වී තිබේ.ඒ ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත්තේ දැනට වෙළෙඳපොලේ පවතින තොග ද, නව මිල සංශෝධනයට යටත්ව අලෙවිය සඳහා නිකුත් කරන බවකි.

කාලීන පුවත්