අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දූ දරුවන්ට පමණක් නොව අඩු ආදායම්ලාභී සෙසු පවුල්වල දූ දරුවන්ට ද පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීමට දෙනු ලබන රුපියල් 6000ක දීමනාව මේ වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කොට තිබේ.
ඒ අනුව ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන දූ දරුවන් තෝරාගෙන එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා වූ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යාංශය ප්රමුඛව ක්‍රියාත්මක කරනු ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
කොළඹ 01, ජනාධිපති මාවත, පැරණි වරලත් ගොඩනැඟිල්ලෙහි පිහිටි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
“අපේ රටේ අනාගතය බබළවන ප්‍රධානම පිරිසක් ලෙස වත්මන් දරු පරපුර හඳුනාගෙන තිබෙනවා. එම දරුවන්ගේ අනාගත සුබ සිහින මල්පල ගැන්වීමට සවියක් සපයමින් අධ්‍යාපන පහසුකම් සඳහා වැඩි කිරීමට අපි ඉහළ අවධානයක් දක්වා තිබෙනවා. ඒ නිසා තමයි මෙම ප්‍රතිලාභය හිමි විය යුතු දූ දරුවන් සියලු දෙනාටම ඉදිරි දින කිහිපය තුළ නිසි වැඩපිළිවෙළක් ඔස්සේ රුපියල් 6000ක දීමනාවක් දීමට කටයුතු කරන්නේ” යැයි පැවසීය.