පාසල් සිසුන් අතරේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට

පාසල් සිසුන් අතරේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.ඔහු ප්‍රකාශ කළේ ඇතැම් පාසල්වල පන්ති කාමරවලින් කොවිඩ් ආසාදිත දරුවන් විස්සකට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි.කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කුඩා දරුවන් තුළ පවතින අනවබෝධය මුල් කොට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නිසි ලෙස පිළිනොපැදීම මේ තත්වයට හේතු වී ඇති බව ද ඒ මහතා පවසයි.

කාලීන පුවත්