රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ (2025) පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදු කර තිබේ.නිල ඇඳුම් රෙදි ලබා දුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වූ අතර, ඒ සඳහා අවශ්‍යතාවය වූ මුළු රෙදි ප්‍රමාණය රෙදි මීටර් මිලියන 12ක්.එම රෙදි ප්‍රමාණය චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබී තිබුණි.
මේ වන විට සියලු ම පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සහ පාසල් සිසුන් වෙත ලබා දී අවසන් කර තිබේ.රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුනට නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1992 වසරේ සිට අඛණ්ඩ ව සිදු කෙරෙයි.
2015 වසරේ සිට 2020 වර්ෂය දක්වා නිල ඇඳුම් රෙදි ලබා ගැනීමට වවුචර් පත් ලබාදී තිබේ.මේ වසරේ වර්ෂය සඳහා අවශ්‍යතාවයෙන් 100%ක් එනම් රු මිලියන 5,171කට ආසන්න මූල්‍ය වටිනාකමකින් යුතු පාසල් නිල ඇඳුම් රෙදි මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කරනලදි.
2023 වර්ෂයේ නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක් ප්‍රදානයක් වශයෙන් මහජන චීන සමූහාණ්ඩුවෙන් ලබා දී ඇති අතර, 2024 වර්ෂය සඳහා ද නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 80%ක් එම රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබීම විශේෂත්වයක්.