පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් අප්‍රේල් 21 වන දා විට හෙළිදරව් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මින් පෙර ප්‍රකාශ කළ ද ඒ සඳහා තවත් කාලයක් ගත වන බව ජාතික ජන බලවේග බදුල්ලේ දී පවත්වන ලද ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් ජනපති වරයා පවසා තිබේ.රටම බලා ඉන්නා ඉතා වැදගත් පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් ඇති නමුත් එහි ඉදිරි පියවර ඉතාම සූක්ෂම සහ ප්‍රවේශම් සහගතව සිදුකළ යුතුව ඇති බවද ඒ මහතා පවසා තිබේ.එනිසා සමහර තොරතුරු ජනතාවට දැම්ම දැන ගැනීමට නොහැකි නොවුණු ඇති බවත් විමර්ශන ඉතා හොඳින් සිදුකරමින් යන බවත් ඒ මහතා කීය.
එහි දී අදහස් පළ කළ ජනාධිපති වරයා මෙසේ ද කීය.”ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා.හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතුව තිබෙනවා.ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැම්ම දැනගන්න ලැබෙන්නේ නැති වේවි.විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකේ දෙන්න පුළුවන්.කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා.එනිසා විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වී තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට එහි සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බව සහතික කරනවා.ටිකක් ප්‍රමාද වෙයි. අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගන්න අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරුවකු බවට පත් කිරීම සදහා හොද සාක්ෂි සටහන් තියෙන්න ඔ්න.එනිසා යම් කාලයක් ගන්නවා හැබැයි කොයි කාලෙ ගියත් සාධාරනේ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැදිලා ඉන්න බව තමුන්නාන්සෙලට සහතික කරනවා” නමුත් ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කොට සිටියේ අප්‍රේල් 21 වන දා විට සිදු කරන බව කී ජනපති ගේ මෙම පාස්කු ප්‍රහාර වගකිව යුත්තන් හෙළිකිරීම සම්බන්ධයෙන් ලංකා කතෝලික සභාව තියුණු අවධානයකින් පසුවන බවකි.එමෙන්ම කිසියම් සාපරාධී ක්‍රියාවක වරද කරුවන් සම්බන්ධයෙන් විනිශ්චය කිරීම හුදු අධිකරණ ක්‍රියා මාගයක් මිස ඒ සම්බන්ධ පූර්ව විනිශ්චයකට එළඹීමට ජනපති වරයාට නොහැකි බව පසුගිය දිනවල විද්වතුන් ද පෙන්වා දී තිබිණ.