පාස්කු ප්‍රහාරයේ ඇත්ත දැනගන්න ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා මේ රටේ නායකයා අපිට පොරොන්දුවක් දී තිබෙන බවත් දැන් ඒ ගැන විමර්ශන ආරම්භ කර ඇති නිසා එහි සත්‍යය දැන ගන්න තමන් වහන්සේ ගැන ඇස් දෙක ඇරගෙන බලා ඉන්න බවත් රටේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරනු ඇතැයි තමන් වහන්සේ සිතන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.ආණ්ඩු වලට ඕන ඕන විදියට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න අපි සූදානම් නැහැ. ඒවා පිළිගන්න අපි සූදානම් නැහැ. අපිට ඕනේ මේකේ ඇත්ත කවුද?. ඇත්තටම මොකක්ද වුනේ කියා විමර්ශනය කිරීම පමණයි. මේ රටේ නායකයා අපිට පොරොන්දුවක් දීලා තිබෙනවා. ඒ ගැන විමර්ශන ආරම්භ කරයි. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරන කම් තමයි.”උන් වහන්සේ කීහ.

කාලීන පුවත්